රේගු නිලධාරීන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහසකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක්, රැගෙනවිත් ඒවා කටුනායක ගුවන්තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 29 සහ 35 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් වන අතර ඊයේ රාත්‍රියේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන…
Author Archives: news_sandeep
එංගලන්තයේ මෙතෙක් වැඩිම ටෙස්ට් කඩුලු ලාභියෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මහතා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ඔහුට නයිට් පදවියක් පිරිනැමීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔහු 42 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් වෙමින් කඩුලු 704ක් ලබා ගනිමින් විශ්‍රාම ගෙන ඇති බව වාර්තා…
අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් මස 11 වන අද දිනෙන් අවසන් වන බව ප්‍රකාශ කර ඇත. අද දින සිට සතියක කාලයක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව මෙම නිවාඩුව ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමු පාසල් වාරයේ තෙවන අදියර යළි අප්‍රේල් 21වන සදුදා ආරම්භ කිරීමට නියමිතව ඇත….
අප්‍රේල් 11 වන අද දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කර ඇත. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් 9වනදා පැවැත් විය. එහිදී සංශෝධන සදහා කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත එක්විය. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී…
තරුණියක් කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන ඇත. ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බව සිදුකළ දැනුම්දීමෙන් අනතුරුව ඔහු මෙලෙස එම තරුණිය බේරාගෙන ඇත. වයස අවුරුදු 21 ක්…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උත්සව සමය වෙනුවෙන් සිදුකරනු ලබන විශේෂ වැටලීම් වැඩසටහන යටතේ පසුගිය දින කිහිපය තුළ පමණක් වැටලීම් 1,200 ක් සිදුකර ඇති බව ප්‍රකාශ කර ඇත. එම අධිකාරිය විසින් මෙම වැටලීම් සිදුකිරීමේදී වෙළෙඳුන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සඳහන් කළ මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම භාණ්ඩවල සඳහන් කර ඇති තොරතුරු වෙනස්…
අප්‍රේල් 11 වන අද දින අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. යතුරුපැදියක් සමග සැක කටයුතු පුද්ගලයෙක් රැඳී සිටින බව දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී සැකකරු පලාගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන් වේ. රාගම රෝහලට තුවාල ලැබූ සැකකරු ඇතුළත් කර ඇති බව…
අප්‍රේල් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද සිට ප්‍රතිලාභීන් සඳහා ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. එම මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බව දන්වා ඇත. එමෙන්ම මෙම මාසයේ සිට 2025 අයවැය මගින් වැඩිහිටි දීමනාව ඇතුළු වැඩිකළ දීමනා සදහා…
ආගමන හා විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03 කට පමණ පෙර මෙරටට පැමිණ ඇත. ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා…
අප්‍රේල් 10 වන අද දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ නඩුව යළි කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව කැඳවීමට නියමිත බව සදහන් වේ. ඔහු අද දිනය දක්වා පසුගිය 03 වැනිදා මාතර අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි. Views: 129










