Author Archives: news_sandeep

මියන්මාරයේ භූමිකම්පා විපත…….……

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි රික්ටර් මාපකයේ 7.7 ක විනාශකාරී භූමිකම්පාවක් ඇති වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 1,600 ක් මිය ගොස් පුළුල් විනාශයක් සිදු වී ඇත. ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් සුන්බුන්වලින් දිවි ගලවා ගත් අය ඉවත් කරමින් සිටියද, හානි වූ මාර්ග සහ යටිතල පහසුකම් හේතුවෙන් ආධාර ප්‍රයත්නයන්ට බාධා එල්ල වී ඇති බව සඳහන්…

දකුණු කොරියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18ක් මිය යයි…….……

එමෙන්ම වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක්ද ගින්නෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 27,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ලැව්ගිනි පැතිර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරයි. දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාප හයක ඇති වූ ලැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර…

කල් ඉකුත්වූ ලුණු නැවත විකුණූ තිදෙනෙකුට රුපියල් 65,000 ක දඩ …….……

අධිකරණය විසින් කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත් කරනු ලබන ලුණු මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනය සඳහා අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් 65,000 ක දඩ මුදලක් නියමකර ඇත. සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉපෙක්ස් ආයතනයේ ගනේෂන්…

වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිගේ සියළු වත්කම් අධිකරණයට පවරා ගැනීමේ නියෝගයක් …….……

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, අධිකරණය මග හරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එම පොලිස් ස්ථානාධිපතිතුමා අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් කළ දැනුම් දීමට අනුව අධිකරණය විසින් මෙම නියෝගය…

කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා …….……

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම අතර කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ප්‍රකාශ කර ඇත. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව එම කොටසේ ඉදිකිරීම් පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බව පවසා ඇත. චීන එක්සිම් බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම්…

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 592 කට රුපියල් ලක්ෂ 60 කට අධික දඩ …….……

2024-2025 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් ඇතුළත මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණ අත්අඩංගුවට ගත් සැකකරුවන් 592 ක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 60 කට අධික දඩ මුදලක් නියම කර ඇත. පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා සිට මාර්තු 23 වනදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත්…

ඊයේ දින Punjab Kings කණ්ඩායම ජය ගනී …….……

මාර්තු 25 වන ඊයේ දින 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Punjab Kings හා Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට Punjab Kings කණ්ඩායම සමත් වී ඇත. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ…

එක්ස්ප්‍රස් පර්ල් ගින්නට හේතුව නයිට්‍රික් අම්ල කාන්දුවක් …….……

නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන්, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වී ඇති බව, විමර්ශනවලදී හෙළිව ඇති බව, නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී ඇත. අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු මහතා, යසන්ත කෝදාගොඩ මහතා, ශිරාන් ගුණරත්න මහතා, අචල වෙන්ගප්පුලි මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා…

SAMSUNG උප සභාපතිතුමා අභාවප්‍රාප්ත වෙයි. …….……

SAMSUNG සමාගමේ උප සභාපති සහ සම-ප්‍රධාන විධායක නිලධාරී Han Jong-Hee මහතා අභාවප්‍රාප්ත වේ. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහු මිය යන විට 63 හැවිරිදි වියේ පසු වන බව වාර්තා වේ. Views: 177

කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට …….……

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා විසින් කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව ප්‍රකාශ කර ඇත. ‘චිකුන්ගුන්යා’ වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මෙම රෝගය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වන බවත් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවා මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරන බවත් වෛද්‍යවරයා සඳහන් කර ඇත….