Author Archives: news_sandeep

දිවයින පුරා වැසි සහිත කාලගුණයක් …….…

WhatsApp Image 2025 03 17 at 10.47.59

නැගෙනහිර, ඌව,බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ප.ව. 2.00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි…

ඒ.ආර්. රහ්මාන් මහතා රෝහල්ගත කෙරේ …….……

raha web

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් මහතා රෝහල ගත කර තිබෙන බව විදෙස් මාඨ්‍ය වාර්තා කර ඇත. පපුවෙ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බව ප්‍රකාශ කෙරේ. ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බවද සදහන් කර ඇත. ඒ.ආර්.රහ්මාන් මහතා මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවද…

අල්ලස් ගත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට …….……

police fb 3

රුපියල් 1,500 ක මුදලක් පොලිස් වාර්තාවක් ලබා දීම සදහා අල්ලස් ලෙස ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනියුක්ත කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත – අඩිප්පල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදෙස් ගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා දීම සදහා මෙම පොලිස් කොස්තාපල්වරයා රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර ඇත….

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් …….……

minimerum web

මාර්තු 15 වන අද දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇත. 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවද වාර්තා වේ. Views: 131

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම ධුරයෙන් ඉල්ලා අස්වෙයි …….……

sali web

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු මෙලෙස ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයේදී එරාවූර් නගර සභාවට තරග කිරීම සඳහා බව සදහන් වේ. Views: 132

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු 17 වෙනිදා දක්වා රිමාන්ඩ් …….……

nurse web 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අනුව සැකකරු මාර්තු 14 වන ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත. Views: 141

ජනප්‍රිය රැප් ගායක “ශාන් පුතා” අත්අඩංගුවට …….……

shanputha web

මාර්තු 14 වන ඊයේ දින ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන…

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ …….……

grade5 web

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාර්තු 14 වන ඊයේ දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ප්‍රකාශ කර ඇත. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්,…

පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ …….……

school web 3

අධ්‍යාපන අමාත්‍යංශය, පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර ඇති බව දැනුම් දෙයි. ඒ අනුව මාර්තු 15 වන අද දිනයේ අවසන් වීමට තිබූ වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත….

අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන …….……

WhatsApp Image 2025 03 14 at 13.44.53 1

Colorado Springs ගුවන්තොටුපළේ සිට Dallas Fort Worth දක්වා මගීන් 178 දෙනෙකු රැගත් අමෙරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම ගිනි ගෙන ඇත. ඒ, Denver ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමකින් පසුව බව වාර්තා වේ. එහි කාර්යය මණ්ඩලය යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව මෙසේ යානය ගොඩබස්වා ඇති අතර එම යානයේ සිටි මගීන් 172 සහ…