මාර්තු 17 වන අද දින, 2024 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය ආරම්භ විය. දිවයින පුරා විභාග මධ්යස්ථාන 3,663ක දී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර ඇත. විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සියළු විභාග අපේක්ෂකයින් විභාග මධ්යස්ථාන වෙත පැමිණිය යුතු බව…
Author Archives: news_sandeep
මාර්තු 17 වන අද දින අලුයම් කාලයේ දී මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර ඇත. ඒ අනුව වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කර ඇත. අදාළ වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ….
නැගෙනහිර, ඌව,බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ප.ව. 2.00 න් පමණ පසුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයෙත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි…
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් මහතා රෝහල ගත කර තිබෙන බව විදෙස් මාඨ්‍ය වාර්තා කර ඇත. පපුවෙ වේදනාවක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බව ප්‍රකාශ කෙරේ. ඉන්දියාවේ පිහිටි චෙන්නායි ඇපලෝ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර ඇති බවද සදහන් කර ඇත. ඒ.ආර්.රහ්මාන් මහතා මේ වනවිට වෛද්‍ය කණ්ඩායමක දැඩි අධීක්ෂණය යටතේ පසුවන බවද…
රුපියල් 1,500 ක මුදලක් පොලිස් වාර්තාවක් ලබා දීම සදහා අල්ලස් ලෙස ලබාගත් ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනියුක්ත කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත – අඩිප්පල ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදෙස් ගත වීමට අවශ්‍ය පොලිස් නිශ්කාෂණ වාර්තාවක් ලබා දීම සදහා මෙම පොලිස් කොස්තාපල්වරයා රුපියල් 2000ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර ඇත….
මාර්තු 15 වන අද දින උදෑසන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලකදී තියුණු ආයුධයකින් පහරදී සහෝදරයන් දෙදෙනෙකු මියගොස් ඇත. 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය සොයමින් සිටින බවද වාර්තා වේ. Views: 153
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු මෙලෙස ඉල්ලා අස්වූයේ පළාත් පාලන මැතිවරණයේදී එරාවූර් නගර සභාවට තරග කිරීම සඳහා බව සදහන් වේ. Views: 155
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අනුව සැකකරු මාර්තු 14 වන ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත. Views: 173
මාර්තු 14 වන ඊයේ දින ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කර ඇත. එමෙන්ම, ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන…
2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාර්තු 14 වන ඊයේ දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ප්‍රකාශ කර ඇත. 2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්,…











