Author Archives: news_sandeep

නීතිවිරෝධී ලෙස පකිස්ථානයට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන දරුවන් 53 දෙනෙකු නැවත මව් රටට යවයි …….……

paki web

කයිබර් දිස්ත්‍රික්කය හරහා නීතිවිරෝධී ලෙස පකිස්ථානයට ඇතුළු වූ ඇෆ්ගනිස්ථාන දරුවන් පනස් තුන් දෙනෙකු නැවත ඇෆ්ගනිස්ථානයට යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රැකියා සොයමින් සිටි මෙම දරුවන් නැවත භාර දීමට ඇෆ්ගනිස්ථාන බලධාරීන් කටයුතු කරඇත්තේ දේශසීමා වැට කපා දමමින් බව සඳහන් වෙයි. ඇෆ්ගනිස්ථාන දරුවන් දේශසීමාව තරණය කිරීමට උත්සාහ කිරීමේ සිදුවීම් වැඩි වෙමින් පවතින අතර දිනකට උත්සාහයන්…

සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීමක් …….……

WhatsApp Image 2025 03 24 at 14.38.28

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව ව්‍යාජ කරුණු සහිතව සකසා ඇත. මෙම නිවේදනය සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමට කිසිවෙක් සලස්වා ඇති බවත් එම ව්‍යාජ නිවේදනයේ දැක්වෙන කිසිදු තීන්දුවක් ගෙන නොමැති…

ඉන්ස්ටග්‍රෑම් සාදයක් වැටලීමෙන් 57ක් අත්අඩංගුවට ගැනේ …….……

insta web

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානයේ වැටලීමක් සිදුකර ඇත. මාර්තු 23 වන ඊයේ දින රාත්‍රියේ පවත්වා ඇති මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිටි බව පොලීසිය ප්‍රකාශ කර ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය…

මේ මස අග සිට පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය ලබා දීමේ තීරණයක්

pol web

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත. රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ. පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන්…

ෆේස්බුක් සාදයක් වැටලීමෙන් 76 දෙනෙකු අත්අඩංගුවට …….……

facebook web 1

ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 15 දෙනෙකු ඇතුළු 76 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මාර්තු 22 වන ඊයේ රාත්‍රී කාලයේ දී සීදූව පොලිස් වසමේ කිදිගොඩ බෙල්ලාන වත්ත ප්‍රදේශයේ හෝටලක් තුළ මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති බව වාර්තා…

වගුරුබිමක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි …….……

waguru web

බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. ඒ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් බව ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර ඇත. එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට…

වාද්දුව වෙරළ තීරයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගැනේ …….……

crime web

වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු ලෙස මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය ප්‍රකාශ කර ඇත. මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කර ඇත. Views: 120

සෞඛ්‍ය වෘත්තියවේදීන් අද වැඩ වර්ජනයක …….……

WhatsApp Image 2025 03 18 at 10.53.56

මාර්තු 18 වන අද දින, සෞඛ්‍ය වෘත්තියවේදීන් පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදු කිරීමට නියමිතව ඇත. ඒ අනුව අද උදෑසන 07.00 සිට මෙම සංකේත වැඩ වර්ජනය අරඹන බව එම සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා සඳහන් කර ඇත. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඔවුන් මෙම තීරණය…

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක් …….……

WhatsApp Image 2025 03 18 at 10.59.27

මාර්තු 18 වන අද දින අලුයම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇත. ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර ඇත Views: 115

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අද …….……

WhatsApp Image 2025 03 18 at 11.36.46 1

මාර්තු 18 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව ඇත. Views: 132