Author Archives: news_sandeep

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වෙඩිතැබීමක් …….……

මාර්තු 18 වන අද දින අලුයම, කොළඹ ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇත. ඒ අනුව එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කර ඇත Views: 150

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය අද …….……

මාර්තු 18 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනය වන අද කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව සදහන් කරයි. අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිතව ඇත. Views: 164

ඉන්දීය ව්‍යාපාරික යුවළක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අංගුවට …….……

නීතිවිරෝධී ලෙස මෙරටට කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 400ක් සමග ඉන්දියානු ජාතික යුවළක් ජාත්‍යන්තර කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් 32 හැවිරිදි සහ 29 හැවිරිදි ඉන්දියානු ජාතික යුවළක් වන අතර ඔවුන් පළමු වරට මෙරටට පැමිණ ඇති බවත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වන බවත් ශ්‍රී ලංකා රේගුව…

යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවත්වීමට නියමිතයි …….……

යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා අතර සාකච්ඡාවක් මාර්තු 18 වන අද දින පැවැත්වීමට නියමිතව ඇත. එහිදී අදාළ සාම ගිවිසුම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් යුක්‍රේන සාම ගිවිසුමට අදාළ බොහෝ කරුණු පිළිබඳව මේ වන විටත් රුසියානු ජනාධිපතිවරයා සමඟ…

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංකේත වැඩ වර්ජනයක් හෙට …….……

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශයේ නිළධාරින් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව වාර්තා වේ. ඒ අනුව කලින් සැලසුම් කල පරිදි මාර්තු 18 හෙට දින උදෑසන 07.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර ඇති බව සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. Views:…

අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේශබන්දු මහතා ගොනුකළ පෙත්සමේ තීන්දුව අද …….……

අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම පිළිබඳ තීන්දුව අද ලබාදීමට නියමිතව ඇත. ඒ අනුව පෙත්සම් විභාගය පසුගිය 12 වනදා අවසන් වූ අතර අද දින ඒ පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙයි. තමාව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත…

රුසියාව යුද්ධය දිගු කරන බවට චෝදනා …….……

සටන් විරාමයක් සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් නොතකා රුසියාව යුද්ධය දිගු කරන බවට යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරන බව වාර්තා වෙයි. ඔහු යුක්රේනයේ සන්නද්ධ හමුදා ප්‍රතිව්‍යුහගත කිරීමක් නිවේදනය කළ අතර, නව සාමාන්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඇන්ඩ්‍රි හ්නාටොව් පත් කරන ඇත. සටන් විරාමය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ස්ථාවරය සෙලෙන්ස්කි විවේචනය කළ අතර, එහි ආරක්ෂාව…

දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02ක් ගිනිගනී …….……

මාර්තු 17 වන අද දින අළුයම් දික්වැල්ල, නිල්වැල්ල ධීවර වරායේ සිට මීටර් 200 ක් දුරින් නැංගුරම් ලා තිබූ බහුදින බෝට්ටු 02 ක් ගිනි ගෙන ඇත. මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් කිසිම පුද්ගලයෙකු සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බව මෙම බහුදින…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද ආරම්භ වේ …….……

මාර්තු 17 වන අද දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම ආරම්භ වන අතර අද දින සිට ලබන 20 වැනිදා මධ්‍යහ්න 12 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර ඇත. පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා භාරගැනීම මෙලෙස අද දිනයෙන් ආරම්භ වන අතර නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් පසු මැතිවරණ දිනය…

කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් …….……

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. කාර්මික දෝෂයට ලක්වු දුම්රිය වෙනත් දුම්රියක් මඟින් පානදුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත. Views: 150