Author Archives: news_sandeep

පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිපයකට ස්ථාන මාරුවීම් …….……

police web 3

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති පොලිස් මූලස්ථානය සදහන් කර ඇත. ඒ අනුව, මෙලෙස ස්ථාන මාරුවිම් ලබා දී ඇත්තේ, එච් එන් අසංක, ජී ඒ බී ගුණතිලක, කේ කේ ගුණසේකර, ආර් පී අමරසිංහ, ආර් එච් පී ගුණසේකර යන…

පොදු ප්‍රවාහනයට තමන්ගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් බව ජගත් විතාන මහතා පවසයි …….……

jagath web 2

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා යාන වාහන වැටුප් ලබා ගැනීමකින් තොරව තමන්ගේ අත්දැකීම් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය​ට ලබාදීම සඳහා සූදානම් බවත් තමන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ආරාධනාව පිළිගන්නා බවත් පවසා ඇත. එමෙන්ම ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා බවත් තමන්ට පෞද්ගලික ඉලක්ක නොමැති බවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා…

ශ්‍රී ලංකාව හා ජපාන රජය ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමට අත්සන් තබයි …….……

japan web

රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) සමග ශ්‍රී ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සංශෝධිත ගිවිසුම් සහ හුවමාරු පත්‍ර අත්සන් තැබීම මාර්තු 07 වන ඊයෙ දින සිදු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වේ. Views: 145

ජාත්‍යන්තර කාන්තා දිනය අද …….……

kantha web 2

1977 වර්ෂයේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සමරනු ලැබේ. ‘සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම්, සමානත්වය සවිමත් කිරීම’ යන්න මෙවර කාන්තා…

දිවයින පුරා අද දිනත් වැසි රහිත කාළගුණයක්…….……

kalaguna web 1

මාර්තු 08 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත්, උදෑසන කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද දන්වා ඇත. දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ…

Al Jazeera සංවාදයකදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍යවේදියා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වේ…….……

jaseera web

මාර්තු 06 වන ඊයෙ දින Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී ඇත. එම සංවාදයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත් වූ විගස අරගලය මර්ධන​ය කළ ආකාර​ය, ඔහු අගමැතිව සිටි සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සඳහා වගවීම, පළාත් සභා මැතිවරණය නොපවත්වමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බටලන්ද වදකාගාරය මෙහෙයවීම පිළිබඳ…

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය අද…….……

parlimenthuwa web

මාර්තු 07 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 8 වන දිනය ද වේ. අද දිනයේ ප්‍රවාහන, මාහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය හා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට ද නියමිත බව සදහන් වේ. තවද, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21…

අද දින ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුව පැවැත්වේ…….……

sanjeewa web 1

මාර්තු 07 වන අද දින ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව කැඳවීමට නියමිතව ඇත. ඒ අනුව එම නඩුව අද Skype සන්නිවේදන තාක්ෂණය ඔස්සේ කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර ඇති බව සඳහන් වේ. මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම…

ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය 99%කින් පහතට…………

widulimandala web

පසුගිය 2024 දෙසැම්බර් 31 දිනට අවසන් වන කාර්තුව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ ශුද්ධ ලාභය 99% කින් පහළ ගොස් තිබෙන බවට වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම මූල්‍ය වාර්තාව මඟින් මණ්ඩලයේ ආදායම පහළ යාම සහ විකුණුම් පිරිවැය ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසා ඇත. ඒ අනුව, 2024 දෙසැම්බර්…

පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වටලයි…………

WhatsApp Image 2025 03 06 at 14.24.02

පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරණය කරගත් තොරතුරු මත වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයාගෙන ඇත. එහිදි එම ගබඩාව තුළ තිබී වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් සොයාගෙන ඇති බවට…