මාර්තු 06 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 7 වන දිනය වන අද දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ. අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිත…
Author Archives: news_sandeep
ශ්‍රී ලංකා පොලීසිය රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ගෙවීම් වැඩිකිරීමට තීරණය කර ඇති අතර අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල, 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛනයක් මඟින් දැනුම් දී ඇති බව වාර්තා වේ. එම නිලධරයන් ඇගයීමට ලක්…
“නිල් මහා සටන” වන වාර්ෂික ක්‍රිකට් තරගය, කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 146 වැනි වරට පැවැත්වෙන අතර මාර්තු 06 වන අද දින ආරම්භ වේ. ඒ අනුව එම ක්‍රිකට් තරගය 06 වන දින සිට ලබන 08 වනදා තෙක් දින තුනක් පුරා කොළඹ SSC පිටියේදී පැවැත්වෙන බවට වාර්තා වේ. මෙවර රාජකීය විදුහල් කණ්ඩායම…
මාර්තු 06 වන අද දින ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දිවයින පුරා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. තවද ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් වාර්තා වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී…
2023 වසරේ දී වැලිගම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවට වාර්තා වේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අත්අඩංගුවට ගත් වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මාර්තු 04 වන ඊයෙ දිනයේදී ඇප මත මුදා හැර ඇති බවත් වාර්තා වේ. Views: 132
යාපනය වත්තිරායන් වෙරළේදී රුපියල් මිලියන 69කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී කිලෝ ග්‍රෑම් 174කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව වාර්තා වේ. වත්තිරායන් වෙරළට ආසන්න කැලෑබද ප්‍රදේශයේ තිබූ සැක…
එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වරටත් ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව මෙවර ඩුබායි හිදී පැවැති තරගාවලිය යටතේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින් ඔවුන් මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇති බව සඳහන් වේ. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව…
කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා ඇත. ඒ අනුව මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු…
සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසා ඇත. මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්තු 04 වන ඊයෙ දිනයේ මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත්…
අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසෙන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත….











