Author Archives: news_sandeep

ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට…………

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසා ඇත. මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාර්තු 04 වන ඊයෙ දිනයේ මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත්…

අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට සැලසුම්…………

අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසෙන් මිලියන 1.5ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වසරේ දී අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 3ක ප්‍රමාණයක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත….

පොලිස් කොමිසම වෙත ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක්…………

ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා පොලිස් කොමිසම වෙත යොමු කර ඇත. පොලිස් කොමිසම විසින් එම ස්ථාන මාරු කිරීම් ප්‍රතික්ෂේප කරමින් ඒ සඳහා හේතු දක්වන ලෙස ප්‍රකාශ කර ඇත. ඒ අනුව අදාළ ස්ථාන මාරු කිරීම්වල හේතු දක්වමින් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසම වෙත මෙම ඉල්ලීම කර ඇති බව මහජන ආරක්ෂක…

යාල ජාතික වනෝද්‍යානයේ සීමිත මාර්ග සංඛ්‍යාවක් යළි විවෘත වේ…………

පසුගිය 01 වැනිදා සිට වසා දැමීමට කටයුතු කළ යාල ජාතික වනෝද්‍යානයේ සීමිත මාර්ග සංඛ්‍යාවක් මාර්තු 05 වන අද දින පස්වරු 2 සිට නැවත විවෘත කරන බව යාල ජාතික වනෝද්‍යානය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත. වැසි තත්ත්වය පහව යනතුරු වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාල ජාතික උද්‍යානය මෙලෙස වසා දැමීමට සිදු විය. පසුගියදා ඇද…

අදත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට………

මාර්තු 05 වන අද දින අවුරුදු 34 ක් වන පුද්ගලයෙක්, රුපියල් මිලියන 52ක් පමණ වටිනා 5kg 2gක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති අතර රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් ඔහුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වන්නේ තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුගේ ගමන් මලු…

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට.…

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසා ඇත. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කරන බව පවසා ඇත. තවද, සිසුන්ගේ විභාග ප්‍රවේශපත් හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසට විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට වැඩිදුරටත් උපදෙස්…

අද අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය වේ……….……

මාර්තු 05 වන අද දින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. තවද, අයවැය කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම මාර්තු 21 වනදා පැවැත්වීමට නියමිත බව සදහන් වේ. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6 වන දිනය වන අද දිනයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ සහ ධීවර‍, ජලජ හා සාගර සම්පත් යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට…

රිය අනතුරු අවම කිරීමට පොලීසියට නව තාක්ෂණයෙන් යුත් Speed Gun……………

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දී ඇත. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බවත් මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස…

දිවයින පුරා වැසි රහිත කාළගුණයක් ඇති වේ……………

මාර්තු 05 වන අද දින දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. එමෙන්ම ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද නිවේදනයක් නිකුත් කර ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද…

වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරියකුට වරෙන්තු……………

වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. 2023 දෙසැම්බර් 31 වැනි දා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…