Author Archives: news_sandeep

ලක්ෂ තිහක විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට……………

WhatsApp Image 2025 03 04 at 13.03.00

නීති විරෝධීව රුපියල් ලක්ෂ 30ක් වටිනා විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී, ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් එම කාන්තාවන් දෙදෙනා නාරම්මල හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි. මෙම කාන්තාවන් දෙදෙනා ළඟ තිබී දුම්වැටි 20,000 ක් සොයාගෙන ඇති…

විශේෂ දළදා ප්‍රදර්ශනය සදහා දින නියම කෙරේ……………

WhatsApp Image 2025 03 03 at 14.48.32

ඒ අනුව අප්‍රේල් මස 18 වනදා සිට දින 10 ක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත බව සඳහන් වේ. සමාරම්භක දිනයේ දළදා ප්‍රදර්ශනය පස්වරු 3.00 ට ආරම්භ වී පස්වරු 5.00 ට අවසන් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව සෙසු දිනවලදී දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ. Views: 146

සංචාරක කර්මාන්තයේ දියුණුවක්……………

sancharaka web

සංචාරක කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ප්‍රඨාන ආදායම් මාර්ගයකි. ශ්‍රී ලංකාවේ තිබෙන සුන්දරත්වය විද දරා ගැනීමට දහසකුත් සංචාරකයින් දිවයිනට පැමිණේ. මෙලෙස විදෙස් සංචාරකයින් 232,341 දෙනෙකු පසුගිය මාසයේදී මෙරටට පැමිණ තිබෙන බවට වාර්තා වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. තවද, සංචාරකයින් රුසියාවෙන් 29,241 ක්, බ්‍රිතාන්‍යයෙන්…

ජාතික කාන්තා සතියක්……………

kantha web 1

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් මාර්තු 08 වන දිනට යෙදී තිබෙන කාන්තා දිනය නිමිත්තෙන් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්ව ඇත. ඒ අනුව මාර්තු 02 වන ඊයෙ දිනයේ සිට ලබන 08 වැනිදා දක්වා මෙම කාන්තා සතිය ප්‍රකාශයට පත් කර තිබේ. “තැනුමට තිරසර හෙටක්-සවිමත් ඇය වේ මගක්” යන තේමාව මෙවර කාන්තා දින ජාතික තේමාව වේ. කාන්තා…

ඉන්ධන පිරවුම්හල් හිමියන් අද ජනාධිපති හමුවේ……………

oil web 2

ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මාර්තු 03 වන අද දින පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිත බවට වාර්තා වේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම ලබාදුන් 3% වට්ටම අහෝසි කිරීමට…

ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස නම්කෙරේ……………

WhatsApp Image 2025 03 03 at 14.04.54

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම මෙන්ම ඒකාබද්ධ හා කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කර ඇති බවද…

ලෝක වනජීවී දිනය අදයි……………

wanajeewi web

එක්සත් ජාතීන්ගේ 68 වන මහා සමුළුවේදී මාර්තු 03 වනදා ලෝක වනජීවි දිනය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇත. මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවීන්ගෙන් සිදුවන පාරිසරිකමය, ජානමය, සමාජීයමය, අධ්‍යාපනිකම වටිනාකම් අගැයීමට ලක් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. ලෝකයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින වනජීවි ප්‍රජාවගේ වාසස්ථාන සංරක්ෂණය කර ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීමත්, වනජීවී…

නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වේ……………

ganwathura web 1

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකය මගින් නිල්වලා සහ ගිං ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇති බවට වාර්තා වේ. ඒ අනුව නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් බව ද සඳහන් වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පවසා ඇත්තේ ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී…

97 වන ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී …………

WhatsApp Image 2025 03 03 at 13.29.46 1

මෙහිදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහාය නළුවා ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට Sean Baker අධ්‍යක්ෂණය කළ Anora චිත්‍රපටය සමත්ව ඇති බව වාර්තා වේ. සම්මාන ලැයිස්තුව පහතින්. * හොඳම චිත්‍රපටය (Best Picture) – Anora * හොඳම අධ්‍යක්ෂණය (Best Director) – Sean Baker, Anora * හොඳම නළුවා (Best Actor) – Adrien Brody, The Brutalist…

15 වෙනිදා සිට වත්තට එන සතුන් ගැන සංගණනයක් …………

sathun web

කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දිවයින පුරා ගෙවතු හා වගා බිම් ආශ්‍රිතව සැරිසරන රිළවුන්, දඬුලේනුන් හා මොණරුන් පිළිබඳ සංගණනයක් සිදුකිරීමට ලබන 15වනදා සැලසුම් කර ඇති බව පවසා ඇත. එහිදී සිය ගෙවත්ත ආශ්‍රිතව සැරිසරන එම වන සතුන් ගණනය කර තොරුතුරු ඉදිරිපත් කිරීම අදාළ නිවෙස් හිමියන් විසින් සිදුකළ යුතු අතර ඒ සඳහා මිනිත්තු…