Author Archives: news_sandeep

මහජනතාවට සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දෙයි………..……

එළඹෙන අප්‍රේල් 18 වැනිදා ආරම්භ වීමට නියමි​ත සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රවේශ මාර්ග 03 ක් හඳුන්වා දී ඇත. ඒ අනුව ඩී. එස් සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමලය වීදිය) දළදා මාලිගාවේ පෝලිම් මාර්ගය දක්වාත්, රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපිත කර ඇති පෝලිම් මාර්ගය හඳුන්වාදී ඇත….

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු සූර්ය පැනල අක්‍රීය කරන ලෙස ඉල්ලීමක්……….……

ලංකා විදුලි බල මණ්ඩලය විසින් උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ…

හිටපු ජනාධිපති රනිල් මහතා පිල්ලෙයාන් මහතා සමග සාකච්ඡා කිරීමට කළ ඉල්ලීමට අවසර නොලැබේ……….……

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා සමග සාකච්ඡා කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපතිවරයා විසින් දැනට අත්අඩංගුවේ සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සමග කතා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල…

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කෙරේ……….……

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත. විභාග දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව වැඩිදුරටත් සඳහන් කර ඇත. Views: 164

මහනුවරදී හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට පැවැත්වීමට නියමිතයි……….……

අප්‍රේල් 16 වන හෙට දින අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත පෙරවරු 9.04 ට යෙදී ඇත. ජෝතිෂ්‍යයේ, පච්ච වර්ණ හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත්ද තබා, කොහොඹ පත්‍ර මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය යෝග්‍ය බව සඳහන් වේ. මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ…

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කර ඇති බව වාර්තා වේ……….……

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක් බව ප්‍රකාශ කර ඇත. 2024 වසරේ මුල් මාස 03 හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 1,025.9 හා සැසඳීමේ දී මහ බැංකුව විසින් මෙය 9.4% ක වර්ධනයක් බව පෙන්වා දී ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය විසින්…

ජනතාවට කොළඹ පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක්……….……

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට…

කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ 80 කට ආසන්න පිරිසක් රෝහල් ගත කෙරේ……….……

කොළඹ ජාතික රෝහලට ගතවූ පැය 24 තුළ විවිධ කටයුතුවලදී සිදුවන අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 80කට ආසන්න පිරිසක් ඇතුළත් කර ඇත. කොළඹ ජාතික රෝහලට තුවාල ලැබූවන් 30ක් පමණ රිය අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එසේම ගිනිකෙළි ආශ්‍රිත අනතුරුවලින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ද ඇතුළත් කර ඇති බව රෝහල් වාර්තා සඳහන් කර…

දිවයින පුරා අද පවතින කාලගුණය……….……

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත. එමෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…

සෞඛ්‍ය ඇමති වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000 ක් වාර්තා වන බව පවසයි……….……

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වාර්ෂිකව නව පිළිකා රෝගීන් 33,000කට ආසන්න ප්‍රමාණයක් මෙරටින් හඳුනාගන්නා බව ප්‍රකාශ කර ඇත. ඉන් බහුතරය මුඛ පිළිකා සහිත පිරිමි පාර්ශ්වය වන බවද දන්වා ඇත. එමෙන්ම කාන්තාවන් අතර පියයුරු පිළිකාව ප්‍රධාන තැනක් ගන්නා බවද ඔහු සඳහන් කර ඇත. තවද අමාත්‍යවරයා විසින් පිළිකා රෝගී තත්ත්වයන් හේතුවෙන් වසරකට 19,000 කට…