Author Archives: news_sandeep

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය සඳහා කප් සිටුවීම සිදුකෙරේ …………………

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද පෙරවරු 6.05 ට යෙදුණු සුබ මොහොතින් සිදුකර ඇති බව වාර්ථා වේ. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිතව ඇත. අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින ද, අවසන්…

හර්ෂ ඉලුක්පිටියට දඬුවම් නියම කිරීම සැප්තැම්බර් 23 දක්වා කල් තබයි …………………

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබා ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර, සැප්තැම්බර් 23 වැනිදා දක්වා එම තීන්දුව කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති…

පෙබරවාරි 09 වැනිදා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වෙයි …………………

පසුගිය පෙබරවාරී 09 වැනිදා දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීම සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, විදුලිබල මණ්ඩලය සිදුකළ විශේෂ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව එම සාක්ෂි කැඳවීම සිදු කරන බවද එම ක‍ොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට…

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ …………………

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දිගින් දිගටම ඇද හැලෙන අධික වර්ෂාව නිසා අද (24) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත්, ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවත්, එම නිසා කොත්මලේ ජලාශයේ…

ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය අඩු කිරීමට පියවර …………………

ජලාශවල ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය ඉහළ යාමෙන් මිරිදිය ධීවර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මෙරට මිරිදිය මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් පහළ ගොස් ඇති බවද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කර ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්කර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද එතුමා මෙහිදී වැඩිදුරටත්…

ප්ලග් ටෙන්ඩර​ය අවලංගු කෙරේ …………………

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 334 කට හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට…

වී කිලෝ ලක්ෂ 06 ක් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගනී …………………

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසා ඇත. ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව උතුරු පළාතෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වී තොග වී අලෙවි මණ්ඩලයට ලැබෙමින් පවතින බව ඔහු ප්‍රකාශ කර ඇත. නාඩු වී…

වී සඳහා අවම මිලක් …………………

රජය වී සඳහා සහතික මිලක් නොව අවම මිලක් ප්‍රකාශයට පත්කර ඇති බවත් ගොවීන්ට අවශ්‍ය නම් ඊට වඩා වැඩි මිලකට සිය අස්වැන්න අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. දිස්ත්‍රික්ක රැසක යල කන්නයේ වී අස්වැන්න නෙළීම මේ වනවිට ආරම්භ වී ඇත. මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි…

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි……..

අද (15) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ වී පැයක් ගත වීමටත් ප්‍රථමයෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාව ඉක්ම වීමට සමත් විය. ඒ වන විට රු. බිලියන 1.29 ඉක්මවූ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි. Views: 201

භාතිය හස්තියා අවසන් සුසුම් හෙළයි………….……

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (15) උදෑසන මියගොස් ඇත. වෙඩිවැදීමකින් ලද තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය අශෝක දන්ගොල්ල මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් පොල්පිතිගම ප්‍රදේශයට ගොස් සිටි බවද වාර්තා වේ. එහිදී ඔවුන් මහත් වෙහෙසක් දැරූ අතර මාංශ පේෂි දියවී ගොස්,…