Category Archives: Sports

ශ්‍රී ලංකාවට ලකුණු හතකින් තියුණු ජයක්……

WhatsApp Image 2025 01 02 at 13.32.37

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218 ක් රැස් කළ අතර එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේය….

19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදෙන අවසන් තරගය අද….

WhatsApp Image 2024 12 03 at 13.51.27

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන අවසන් තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද (03) පැවැත්වෙනවා. ඩුබායිහිදී මෙම තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10යි 30ටයි. ශ්‍රී ලංකා පිල මේවනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර අද ඇෆ්ගනිස්ථානය සහ නේපාලය අතර තරගයක්ද පැවැත්වෙනවා. ඊයේ පැවති තවත් තරග දෙකකින්…

ලෝක කැරම් ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිවයිනට…..

WhatsApp Image 2024 11 24 at 11.59.33

ඇමෙරිකාවේ පැවති 06 වන ලෝක කැරම් ශූරතා තරගාවලියේ දී , අනුශූරතාව දිනා ගෙන රිදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කැරම් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඊයේ (23) දින රාත්‍රීයේදී දිවයිනට පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය ඇමෙරිකාවේ සෙන්ට් ප්‍රැන්සිස්කෝ ප්‍රාන්තයේ කැලිෆෝනියාවේ දී පසුගිය 10 වනදා සිට 18 වනදා දින දක්වා ලෝකයේ රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා…

වෙනස්කම් කිහිපයක් සමඟින් ශ්‍රී ලංකාව අද තරග බිමට….

cric web 1

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහය ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් එක්දින තරගය අද (19) පැවැත්වේ. පළමු තරග දෙක ජයගෙන තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග සඳහා එක්වන්නේ වෙනස්කම් කිහිපයක් ද සමඟිනි. ඒ, අනුව දෙවන තරග සඳහා ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු…

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ…….

cricket web 1 1

මෙම සංචිතය සඳහා වේග පන්දු යවන්නන් පස්දෙනෙක් ඇතුළත්ව ඇති අතර, දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ඇතුළත් වන බව සදහන් වේ. ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, දිනේෂ් චදිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, ප්‍රභාත් ජයසූරිය, නිශාන් පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර…

වසර දොළහකට පසු ශ්‍රී ලංකාවට එක් දින තරගාවලි ජයක්….

WhatsApp Image 2024 11 18 at 00.11.26

සංචාරක නවසීලන්ත – ශ්‍රි ලංකා දෙවන එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් වුණා. ඒ කඩුළු 03කින් නවසීලන්තය පරාජය පත් කරමින් වන අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රි ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට හිමිවී තිබෙනවා. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 209ක් රැස්…

ශ්‍රි ලංකා සහ නවසීලන්ත දෙවන එක්දින තරගය අද…….

WhatsApp Image 2024 11 17 at 08.57.46

ශ්‍රි ලංකා සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගය අද (17) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර අවසන් එක්දින තරගය ද අනිද්දා පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දීම පැවැත්වෙනු ඇති. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රි ලංකා කණ්ඩායමටයි. Views: 137

ටිම් සවුති ටෙස්ට් පිටියට සමුදීමට සැරසේ…..

WhatsApp Image 2024 11 16 at 08.57.58

නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ටිම් සවුති ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එංගලන්තය සමග එළඹෙන තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් පසුව තමා ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් ලබන වසරේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහා තරගයට නවසීලන්ත කණ්ඩායමට සුදුසුකම් ලැබුවහොත් ඊට ක්‍රීඩාකරන බව…

පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට…..

cricket web 4

නවසීලන්ත හා ශ්‍රී ලංකාව අතර (13) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 46ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී තරගය නතර කරන විට පන්දුවාර 49යි පන්දු 2 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස්…

පළමු එක්දින තරගය අද…..

cricket web 3

නවසීලන්ත – ශ්‍රී.ලංකා පළමු එක්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, අද තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. අබාධයට ලක්ව සිටින වනිදු හසරංග මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙන අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්තයි සංචිතයට කැඳවා ඇත. පසුගියදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට…