Category Archives: Uncategorized

ඉතාලියේ පාසල්වල ලිංගික අධ්‍යාපනයට දෙමාපිය අනුමැතිය අනිවාර්ය කෙරේ

ජෝර්ජියා මෙලෝනිගේ රජය යටතේ ඉතාලිය පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් නීතිමය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. 2026 ජූනි 4 වන දින ඉතාලි සෙනෙට් මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් (78–38) අනුමත වූ මෙම නව නීතිය ජූලි 7 වනදා සිට ක්‍රියාත්මක වේ. නව නීතිමය ප්‍රතිපාදනවලට අනුව පෙරපාසල් සහ ප්‍රාථමික පාසල් තුළ ලිංගිකත්වය සම්බන්ධ මාතෘකා අරමුණු කරගත් අධ්‍යාපනික හෝ…

විදේශයන්හි සැඟවී සිටි අපරාධකරුවන් එක දිගට අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර නොහොත් ‘බස් ලලිත්’ නමැත්තා අද අලුයම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව රැගෙනවිත් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොහුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඔස්සේ මෙලෙස දිවයිනට රැගෙනවිත් ඇත. මෙරටදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකුගෙන් ලැබුණු තොරතුරු…

පාසල් දරුවන්ගේ පෝෂණය නොමිලේ ආහාර දීමට එහා ගිය සෞඛ්‍ය සම්පන්න වැඩසටහනක් විය යුතුයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රජයේ පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් ඉලක්කගත පිරිසකට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පමණක් සීමා වූවක් නොවිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් අතර අගෝස්තු 24 වනදා අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ…

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දැනටමත් එකතු වී අවසන් බවත් ඉදිරි මැතිවරණයේදී එකතු වී තරග වදින බවත් සජබ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා…

සමගි ජන බලවේග ජයග්‍රාහී ගමනක් සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමුවැන්න අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ , සොරකම් වංචා දූෂණ අල්ලන්න ආපු කට්ටිය අද හොරකම් කරන්න පටන් අරගෙන. කන්ටේනර් 332, ඩොලර් මිලියන 2.5, තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල්, කෝ මේ මට නීතිය. පෝසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා ආපු මාලිමා…

මුස්ලිම් කාන්තාවන් රෝහල් තුළ හිජාබය පැළඳීම ප්‍රශ්නයක් කර ගත යුතුද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබ් භාවිතය සහ ගෝලීය තත්ත්වය ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු මුස්ලිම් කාන්තාවන් හිජාබය පැළඳීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන රෙගුලාසි සහ ප්‍රතිපත්ති පිළිබඳව වර්තමානයේ දැඩි අවධානයක් යොමුව තිබේ. සංස්කෘතික, ආගමික මෙන්ම සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත විවිධ රාජ්‍යයන් මේ සඳහා වෙනස් ප්‍රවේශයන් අනුගමනය කරන බව නිරීක්ෂණය වේ. ප්‍රංශය වැනි ඇතැම් බටහිර රටවල…

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිදුවීම් සමස්ත අධිකරණ ක්ෂේත්‍රයම කැළඹෙයි

නඩු 3,102ක ලේඛන අතුරුදහන් වීම් සහ ක්ලේමෝ බෝම්බයක් හමු වීම පිළිබඳ විශේෂ විමර්ශනයක් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා වන බරපතල පරිපාලනමය අක්‍රමිකතා, නඩු ලේඛන අතුරුදහන් වීම් සහ ආරක්ෂක බිඳවැටීම් කිහිපයක් හේතුවෙන් සමස්ත අධිකරණ ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබේ. අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නියෝග මත සිදුකළ විශේෂ පරීක්ෂාවන්හිදී අදාළ අධිකරණයේ තිබී නඩු 3,102කට…

ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න පහළට

ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) ප්‍රකාශ කරයි. සාගර ජෛව පද්ධතියේ වෙනස්වීම් හේතුවෙන් 2014 වසරේ සිටම මෙම පහළයෑම වාර්තා වන අතර, තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් ධීවර ප්‍රජාව විකල්ප රැකියා වෙත යොමු කිරීමට සිදුවනු ඇත. පිළියමක් ලෙස මත්ස්‍ය වගා වැඩසටහන් ආරම්භ කළද එහි…

යාපනය මුරුගන් දේවාලයේ පැවති ආගමික උත්සවයකදී මහා අනතුරක්

යාපනය, ශ්‍රී ලංකාව – 2026 අගෝස්තු 20 වැනිදා රාත්‍රියේ යාපනය පදිරිප්පු ප්‍රදේශයේ පිහිටි මුරුගන් දේවාලයේ පැවති ආගමික උත්සවයක් මහා අනතුරක් බවට පත්විය. අධික බලැති ලේසර් ආලෝක සහ මල් වෙඩි භාවිතය නිසා භක්තිකයින් සිය ගණනකට දරුණු ඇස් පිළිස්සුම් සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ අතර, පොලිස් සහ රෝහල් බලධාරීන් පැවසූ ආකාරයට ඇස් දැවිල්ල, නොපැහැදිලි පෙනීම සහ…

ටෙස්ට් අරඹමින් ශ්‍රී ලංකාවට එරෙහිව ත්‍රිත්ව ශතකයක් ගහන්න වෛභව් සූර්යවංශීගෙන් කැමැත්තක්!

ඉන්දියාවේ තරුණ පිතිකරු වෛභව් සූර්යවංශී තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ආරම්භක ඉනිම ලකුණු 300ක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණොත්, එය ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කිරීමට කැමති බව ප්‍රකාශ කර තිබේ.ඉන්දියානු වෙබ් අඩවියක් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසෙන අවස්ථාව ලැබුණොත් තම ආරම්භක ඉනිමම ත්‍රිත්ව ශතකයකින් සනිටුහන් කිරීමට කැමති බවයි. ශ්‍රී…

විශ්වවිද්‍යාල සිසුන් ගැන බරපතළ අනතුරු ඇඟවීමක්… මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන සිසුන් ඉහළට මහාචාර්යවරයෙකුගෙන් හෙළිදරව්වක්!

විශ්වවිද්‍යාල සිසුන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමේ අවදානමකට මුහුණ දී සිටින බවත්, පාඨමාලා අතහැර යන පිරිමි සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට ලක්ෂණ පෙන්වන බවත් මහාචාර්ය අමිල ඉසුරු මහතා පවසයි. විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ තරුණියන් අතර පවතින මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” (Ratama Ekatta) ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පැවති…