Category Archives: Uncategorized

මහ ඇමතිගේ උපදේශක තනතුරට ප්‍රකට ජෝතිර්වේදියෙක්

පසුගියදා තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස පත් වූ ජෝසප් විජේ (සුපිරි නළු විජේ) මහතා විසින් තම උපදේශකයකු ලෙස පත් කළ ප්‍රකට ජ්‍යොතීර්වේදී රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. රාජ්‍ය පාලනය සහ දේශපාලන තීන්දු තීරණ සඳහා ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ඈඳා ගැනීමට එරෙහිව මහ ඇමැතිවරයාගේ සහායක දේශපාලන සගයන්ගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය…

බිලියන 5 ක් ආයෝජනය කර තවමත් 5G නොදීමේ ටෙලිකොම් වංචාව

විශේෂ හෙළිදරව්ව: ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් කඩාවැටීම පිටුපස ඇති රහස් ගනුදෙනු සහ 5G කුමන්ත්‍රණය! ශ්‍රී ලංකාවේ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය වර්තමානයේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ඒ පිටුපස බරපතළ පාලන දුර්වලතා සහ උපායමාර්ගික කුමන්ත්‍රණ පවතින බවත් පවසමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරළියට පැමිණ තිබේ. ප්‍රකට විචාරක අජිත් ධර්මපාල මහතා…

සිපෙට්කෝවට විතරක් තෙල් තිත්ත වුණේ කොහොමද?

ශ්‍රී ලංකාවේ දේශපාලන පොරපිටිය සහ ආර්ථික සංවාදය නිරන්තරයෙන්ම උණුසුම් කරවන මාතෘකාවක් ඇත්නම් ඒ ඉන්ධන මිලයි. පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතුඉර’ සංවාදශීලී වැඩසටහනට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මතු කළ කරුණක් මුල් කරගනිමින් මේ වන විට රට තුළ දැවැන්ත ආර්ථිකමය සහ දේශපාලනමය විවාදයක් නිර්මාණය වී තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්…

“රට හදන තරුණ ජවය” වැඩසටහන ගම්පහින් ඇරඹේ

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කරන “රට හදන තරුණ ජවය” තේමාව යටතේ පැවැත්වෙන SYU Youth Summit වැඩසටහන 2026 මැයි 16 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව එම සංවිධානය පවසයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (14) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම වැඩසටහනේ පළමු අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය…

කෝටි ගණනක වංචාවකට සැකපිට සම්පත් බැංකුවේ විධායක නිලධාරියකු ඇතුළු 9ක් අත්අඩංගුවට

කූඨ ලේඛන සකසා කෝටි ගණනක බැංකු වංචාවක් කළ බව කියන මහනුවර සම්පත් බැංකු ශාඛාවක ප්‍රධාන විධායක නිලධාරියෙකු සහ කළමනාකරුවෙකු ඇතුළු සේවකයින් නවදෙනෙකු මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ අදාළ බැංකුවෙන් රුපියල් මිලියන 35ක ණය මුදලක් ලබාගෙන සිටින රංජිත් චන්ද්‍රසිරි නමැති ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය….

පරීක්ෂකයන්ට ප්‍රශ්න පත්‍ර වංචා බෑ. අයදුම්කරු ඉල්ලා සිටියොත් පිළිතුරු පත්‍රය පෙන්විය යුතුයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI) විශ්වවිද්‍යාල අතුරු නීතිවලට වඩා බලවත් බව Court of Appeal of Sri Lanka විසින් තීරණය කර තිබේ. ඒ අනුව, සෑම විභාග අපේක්ෂකයෙකුටම තමන්ගේ ලකුණු කළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ අයිතිය ඇති බව අධිකරණය අවධාරණය කර ඇත. මෙම නඩුව උද්ගත වී තිබුණේ The Open University of Sri Lanka හි නීති උපාධි (LLB)…

මේ කතාව කියවද්දි සමාජවාදී චීනය ගැන මොකද හිතෙන්නේ?

චීනයේ සාමකාමී ගම්මානයක ජීවත් වූ සාමාන්‍ය ගොවියෙකු, රජයේ බලපෑම් සහිත බිලියන ගණන් වත්කම් තිබූ දැවැන්ත රසායනික සමාගමකට එරෙහිව වසර 16ක් තිස්සේ තනිව සටන් කර අවසානයේ ජයග්‍රහණය කළ පුවත අද ලෝකය පුරා පරිසර යුක්තිය පිළිබඳ සංකේතයක් බවට පත්ව ඇත. චීනයේ හෙයිලොන්ජියැන්ග් පළාතේ ගොවිතැන් කරමින් ජීවත් වූ වැන්ග් එන්ලින් නම් මෙම ගොවියාගේ ජීවිතය 2001 වසරේදී අඳුරු විය….

මහ ඇමතිවරයා ඓතිහාසික තීන්දුවක් ගනියි. තමිල්නාඩුවේ මත්පැන් හල් වසා දැමේ

තමිල්නාඩුවේ මත්පැන් හල් වසා දැමීමට මහ ඇමති විජයගෙන් නියෝග ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති C. Joseph Vijay විසින් රාජ්‍යයට අයත් TASMAC මත්පැන් අලෙවිසැල් 717ක් වහාම වසා දැමීමට නියෝග කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන මෙන්ම බස් නැවතුම් ආසන්නයේ පිහිටි මත්පැන් හල් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත. වාර්තා…

රුණෑගල සිසු මරණය : අන්තර්ජාල ක්‍රීඩාවක් බවට සැකකෙරේ

කුරුණෑගල, උඩවල්පොල ප්‍රදේශයේ සිව්මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තිබේ. පොලිස් විමර්ශනවලට අනුව, එම මරණයට හේතු වී ඇත්තේ අන්තරායකර අන්තර්ජාල සූදු ක්‍රීඩාවක බලපෑම විය හැකි බවට සැකකෙරේ. සදරු දෙව්මිණ බණ්ඩාර නමැති එම සිසුවා පසුගිය සිකුරාදා අලුයම මෙලෙස මියගොස් ඇත. සිද්ධිය වූ ස්ථානයේ තිබී හමු වූ ජංගම දුරකථනයක අදාළ අන්තර්ජාල…

Kapila Chandrasena ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවට මනෝවිද්‍යාත්මක ඉඟි?

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Kapila Chandrasena ගේ මරණය ශ්‍රී ලංකාවේ දේශපාලන, නීතිමය සහ සමාජීය වශයෙන් දැඩි කතාබහට ලක්ව ඇති සිදුවීමක් බවට පත්ව ඇත. Airbus ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දීර්ඝකාලීනව පැවති දූෂණ චෝදනා, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම හමුවේ ලබාදුන් සංවේදී ප්‍රකාශ සහ ඔහුට එල්ලව තිබූ නීතිමය පීඩනයන් හේතුවෙන් මෙම මරණය සාමාන්‍ය මරණයක් ලෙස…