Category Archives: Uncategorized

වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට

dehiwalaa 1

වෙඩි වැදුණු හෝටල් හිමිකරු ජීවිතක්ෂයට දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදූවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි එහි හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් තුළ වෙඩි තැබීමක් සිදුව තිබුණේ අද රාත්‍රි 7.54ට පමණයි. හෝටලයට පැමිණ සිටි දෙදෙනෙකු එම හෝටලයේ හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා….

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

bbb

කොළඹ – නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ ඉදිකිරීමක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවයි. මාර්තු 15 දක්වා මෙම මාර්ගය වසා තැබෙන බව සඳහන් වනවා. කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ…

Breaking: බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලට හදිසි නිවාඩුවක්

badulla

Breaking: බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලට හදිසි නිවාඩුවක් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු…

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තීව්‍ර වෙයි

bengallaa

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තීව්‍ර වෙයි ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනා. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවනු…

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දිමක්

gassss

ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර සිටිනවා. ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක…

ඉන්දීය යුද හමුදාපති යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක

udda neethiya

දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද(07) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා. මෙහිදී ඉන්දීය යුද හමුදාපතිවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර, ඊට පෙර යුද හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද හමුදාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා තිබෙනවා. ඉන් අනතුරුව…

සෙව්වන්දිගේ මුහුණු පරික්ෂාවට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා

sew

සෙව්වන්දිගේ මුහුණු පරික්ෂාවට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…

හරිනිට එරෙහිව විශ්වාසභංගයක්

harr

හරිනිට එරෙහිව විශ්වාසභංගයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද(07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිත බව ඔහු කියා සිටියා. විපක්ෂ නායක…

වෙනිසියුලානූ බොර තෙල් ඇමෙරිකාවට

wensss

අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා . අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින්…

විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට

wishrama

විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත මැතිසබයට ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය දෙසැම්බර් 26 වන දින පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත…