Breaking: බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල්වලට හදිසි නිවාඩුවක් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙ.ව. 11 වනවිට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත්කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දැනුම්දීමක් සිදුකර තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු…
Author Archives: news_sandeep
බෙංගාල බොක්කේ පීඩන අවපාතය තීව්‍ර වෙයි ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ (07) රාත්‍රී 11.30 වන විට පොතුවිල් සිට 490 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුනා. එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවනු…
ජනවාරි මායෙට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර සිටිනවා. ඒ අනුව ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5ක…
ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක් ඊයේ (07) රාත්‍රී 11ට නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව සඳහන්ව ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි…
දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදාපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඇතුළු දූත පිරිස අද(07) ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණා. මෙහිදී ඉන්දීය යුද හමුදාපතිවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් පිළිගන්නා ලද අතර, ඊට පෙර යුද හමුදා භටපිරිස් විසින් ඉන්දියානු යුද හමුදාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමා තිබෙනවා. ඉන් අනතුරුව…
සෙව්වන්දිගේ මුහුණු පරික්ෂාවට කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරලා ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අද (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…
රුසියානු ධජය සහිත තෙල් නැව අමෙරිකානු හමුදා අල්ලගෙන අමෙරිකානු හමුදා විසින් ලුහුබැඳගිය රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාව සිය භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් අද (7) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම, අමෙරිකානු සම්බාධක කඩකර ඉරාන තෙල් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙම නෞකාවට එල්ල වී ඇත. විදෙස් වාර්තා පවසන්නේ සති…
හරිනිට එරෙහිව විශ්වාසභංගයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද(07) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිත බව ඔහු කියා සිටියා. විපක්ෂ නායක…
රත්නපුර පොලිස් නිලධාරියෙක් සමග වූ සිද්ධියට සම්බන්ධ ජාතික ජන බලවේගයේ මන්ත්‍රි ශාන්ත පද්මකුමාර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර පහක අත්හිට වූ සිරදඬුවම් නියම වූ අයෙකු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පැවසුවා. ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ (06) මේ බව අනාවරණය කළා. ඊට අදාළ නඩු තීන්දුව සභාගත කිරීමට කටයුතු කළ චාමර මහතා, මාස…
අමෙරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ සඳහා වෙනිසියුලා රජය විසින් බොර තෙල් බැරල් මිලියන 30 සිට 50 දක්වා ප්‍රමාණයක් අලෙවි කිරීමට එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා . අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඊයේ (06) රාත්‍රියේ මේ බව සටහන් කර ඇත. ට්‍රම්ප් මෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වෙනිසියුලා අන්තර්වාර රජයේ බලධාරීන් විසින්…











